මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය හා ඒ හා බැඳුණු කළු ආර්ථිකය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනුයි.
සමස්ත පොලිස් සේවය තුළ නිලධාරීන් අසූදහසක් පමණ සිටින බවත් ඒ අතරින් දූෂිත නිලධාරීන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීම පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ පොලිස් සේවයේ සිටින සෑම නිලධාරියකුගේම ක්‍රියා කලාපය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවය

