අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඊට අදාළ චක්‍රලේඛය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පවසන්නේ.
ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති තොරතුරු සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ අසත්‍ය බවට අනාවරණය වුවහොත් 2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පනත අනුව කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරනවා.
sfmnewslk.com
