දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (30) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද සඳහන් කළේය.

“දරුවන්ගේ කන්වලට පහරදීමෙන් කන් ඇසීම නැති වෙච්ච අවස්ථා වාර්තා වෙනවා. හොඳම දේ ලබාදිය යුත්තේ දරුවන්ට නම්… දරුවන්ට සිදුවන නරකම දේ වැළැක්විය යුතුයි. මේක ජනපතිගේ පූර්ණ අවධානය යොමුවූ කරුණක්. ඒ අනුව ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීමට දණ්ඩ නීතී සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනයට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව දරුවන්ට වැඩිහිටියන් විසින් හෝ ගුරුවරුන් විසින් ශාරීරික වශයෙන් කිසිම දඬුවමක් කිරීම නීතිය අනුව වරදකරුවන් වෙන ආකාරයට මෙම පනත් සංශෝධනය කෙරෙනවා.”
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *