ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර හිමිවීම සහ දැනට වෙළෙදපොලේ පවතින වාහන මිල සම්බන්ධයෙන් මෙරට වාහන ආනයන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මාධ්‍ය වෙත තම අදහස් දැක්වූවා.
එහිදී ඔහු කියා සිටියේ මේ වන විට වාහන මිල අසීමිතව ඉහළ ගොස් ඇති බවත් වාහන සඳහා මිල ගණන් නියම කෙරෙන්නේ වාහන හිමිකරුවාගේ කැමැත්ත අනුව පමණක් බවත්.
කෙසේ වෙතත් වාහන ආනයන කටයුතු ආරම්භ කිරීමත් සමඟ නියත වශයෙන්ම වාහන මිළ පහත බසිනු බවද ඔහු කියා සිටියා.
sfmnewslk.com
