අකුණු සැර වැදී පුදගලයෙක් ජීවිතක්ෂයට

මුලතිව්,අයියන්කුලම ප්‍රදේශයට ඊයේ(29) සවස හටගත් වර්ෂාවත් සමඟ ඇති වු අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මුලතිව්,අයියන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වර්ෂාව අවස්ථාවේ ගසක් පාමුල සිටි පුද්ගලයින් දෙදෙනෙකුට එලෙස අකුණු සැර වැදී ඇති බවයි.

අකුණු සැර වැදීමෙන් අයියන්කුලම ප්‍රදේශයේ පදිංචි කාලිමුත්තු ෂන්මුගරාජා නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අයියන්කුලම,පුදුවෙට්ටුවාන් ප්‍රදේශයේ පදිංචි මහේන්ද්‍රන් ප්‍රභාකරන් නමැත 26 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.

තුවාලකරු මල්ලාවි රෝහලට ඇතුළත් කොට ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුරද පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මල්ලාවි රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අයියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද සඳහන් කරනු ලැබුවේ මේ දිනවල හටගන්නා වර්ෂාවත් සමඟ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් වර්ෂා අවස්ථාවන්හිදි ආරක්ෂිත ස්ථානයන්හි රැදී සිටීමට පියවර ගන්නා ලෙසයි.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *