ගුවන්තොටේ ගුවන් සෙබළා‌ගේ ගිනි අවිය පත්තුවෙයි – 2024 අප්‍රේල් 30

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය අද ( දින උදෑසන පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබෙනවා.

04/30 දින උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර කිසිදු ජීවිත හානියක් එයින් සිදු වී නොමැති බව ද වාර්තා වෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ ප්‍රභූ අමුත්තන් සහ මුදල් ගෙවා මෙම පහසුකම් ගුවන් තොටුපොළෙන් ලබා ගන්නා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් මෙම පර්යන්තය හරහා නිරත නිතර ගමන් ගැනීම සිදු කරයි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *