අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ආරංචිය මෙන්න – 2024 අප්‍රේල් 30

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍ය රාත්‍රියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ඉන්ධන මිල සූත්‍රයට අනුව අද මිල සංශෝධනයේදී ඉන්ධන මිල පහළ යනු ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමත්, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලේ තත්ත්වයත් සැලකිල්ලට ගෙන මෙසේ මිල පහළ දමනු ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.

කෙසේවෙතත් පසුගිය මාසයේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන වර්ග කිහිපයක මිල ගණන් පහළ දමනු ලැබුවා.

එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ලැබුවා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *