මෙරට සිසුන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සඳහා නව වැඩ පිළිවෙලක් – 2024 අප්‍රේල් 30

ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, කොවිඩ් ව්‍යසන සමයේ විශය නිර්දේශයන්හි අතපසු වූ අධ්‍යයන කටයුතු සිදු කිරීම සහ පාසල් විභාග කාලසටහන් යථාවත් කිරීමේ අරමුණින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය නිම වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

මෙම අභියෝගාත්මක කාර්යය සිදු කිරීම සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට නවක ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

1 සිට 11 ශ්‍රේණි දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලු‍ව මඟහැර වීම සඳහා අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබා දීමට ක්‍රියා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *