🇱🇰🇱🇰🇱🇰පුද්ගලයෙකුගේ මාසික වියදම අඩුවෙයි

මෙරට පුද්ගලයෙකු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය අවම මුදල රුපියල් 16,975 ක් බවත් මෙරට පුද්ගලයකුගේ මාසික වියදම ජනවාරි මාසයට සාපේක්‍ෂව පෙබරවාරි මස අඩුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.මෙම වසරේ පෙබරවාරි මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.මෙම වසරේ පෙබරවාරි මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ඊට පෙර මාසයට සාපේක්ෂව පහළ ගොස් තිබීම මෙලෙස දරිද්‍රතා සීමාව පහළ යාමට ප්‍රධාන හේතු බවත් කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 18,308 ක් අවශ්‍ය බව එම දෙපාර්තමේන්තුව පවසනවා.අඩුම මාසික වියදම රුපියල් 16,231 මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව ද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *