හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ලංකාවම මහත් සංවේදීතාවයට පත් වුණා.

එමෙන්ම, එය පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම කාගේත් සිත් රිදවන කරුණක් වුණා.

ඉතිම් මේ සොඳුරු මිනිසාගේ අභාවය බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිතට වේදනාවක් ගෙන දෙන්න වුණා.

ලංකාවාසීන් යම් ඛේදවාචකයකට මුහුණ දෙන හැම අවස්ථාවකදිම ඉදිරියෙන්ම සිට මිනිසුන් සමග හිටගන්නා ඔහු ජනතාවගේ ආදරයට ලක් වූ මිනිසකු බවට පත් වී හමාරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පාලිත තෙවරප්පෙරුම මහතාගේ නිවසට ගොස් සිය කණගාටුව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය පිළිබඳව එතුමන්ගේ පවුලේ ඥාතීන් වෙත මාගේ කණගාටුව ප්‍රකාශ කළෙමි.

අපගේ දේශපාලන මතවාදයේ වෙනසක් පැවතියද, එතුමන්ගේ නිහතමානී වුත්, ජනතාවාදී දේශපාලනික ගමන පිලිබද මා මේ මොහොතේ අගයමි.

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *