දරුවන් සිටින දෙමව්පියන්ට දැනුම් දීමක් – 2024 අප්‍රේල් 18


ළමුන් අතර මේ දිනවල පාචන රෝග සැළකිව යුතු ලෙස පැතිර යන බව නිරීක්ෂණය වී තිබෙනවා.

එම නිසා සෞඛ්‍ය නිලධාරීන් මව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.

රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ ළමුන් වැඩි වශයෙන් පිටස්තර ආහාර අනුභව කිරීමට පෙළඹෙන බැවින්, දීර්ඝ නිවාඩු කාලවලදී ළමා පාචනය ඉහළයෑම සාමාන්‍ය තත්ත්වයක් බවයි.

රෝග ලක්ෂණ අතරට නිතර නිතර ලිහිල් හෝ ජලය සහිත මළපහ පිටවීම , උදර වේදනාව හෝ කැක්කුම, ආහාර රුචිය නැතිවීම, ඔක්කාරය හා වමනය ඇතුළත් වෙනවා.

මෙම රෝග ලක්ෂණ තම දරුවන් තුළ දැකිය හැකි නම්, දරුවන් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මව්පියන්ගෙන් ඉල්ලා සිටී.

දරුවන්ට ආහාරයට ලබා දෙන දේ පිළිබඳ වඩාත් විමසිලිමත් වන ලෙස ද සෞඛ්‍ය අංශ මව්පියන්ට උපදෙස් දෙමින් පවසයි.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *