රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබූ කරුණු මෙන්න
කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලකගේ මූකිකත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණි.

පාලිත ත්වරප්පෙරුම හිටපු අමාත්‍ය වරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානයේදී ඊයේ (16) කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණි.

හිටපු රාජ්‍ය අඅමාත්‍යවරයාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර කොටස් වලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ විසින් කළුතර ශීක්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනාගන්නා ලදි.

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයාට විදුලි සැර වැදුනු ස්ථානය නිරීක්‍ෂණය කළ අතර, මතුගම අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින්ද ස්ථානීය පරීක්ෂණයක් සිදු කළේය.

sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *