හාලිඇල මාරක අනතුරක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

අද (14) උදෑසන බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ගණදෙවි කෝවිල අසල දී මෝටර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙක් බරපතළ තුවාල ලබා ඇති අතර, ඔවුන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමේ දී දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බණ්ඩාරවෙල දෙස සිට පැමිණි ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මාර ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *