සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
2024 අප්‍රේල් 14,
බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව එරට පොලීසිය පවසයි.
අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5ක් පමණ තිබෙන බවය.
මුම්බායි පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරු සොයා ගැනීමට වීමර්ශන ක්‍රයාත්මක බව සඳහන් වේවෙනවා.
පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණි.
sfmnewslk.com
