sfmnewslk.comබිම් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පවසයි

එහි පලමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් තංගල්ල ආසනයෙන් එය ආරම්භ කළ බවත් ඔහු පැවසුවා.

ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්‍ෂ ශක්තිමත් කරන බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

පොදුජන පෙරමුන මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *