වාහන ආනයනය ගැන සුබවාදී බලාපොරොත්තුවක්sfmnewslk.com

ලබන වසර වන විට රටේ ආර්ථිකය යහපත් අතට හැරුණහොත් වාහන ආනයනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.

දෙමටගොඩ ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ උත්සවයකදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 13ක් අතිරේකව ගෙවා ඇති බවයි.

ඒ අනුව අප්‍රේල් මාසය සඳහා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 107ක් රජය වෙන්කර ඇත.

මේ අතර, අප්‍රේල් සහ මැයි මාස සඳහා පවුල් ලක්ෂ 27ක් සඳහා කිලෝග්‍රෑම් දහය බැගින් සහල් ලබාදීමේ වැඩසටහන අප්‍රේල් 21 වැනිදා ආරම්භ කරන බව ඇමැතිවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ මුළු පවුල් සංඛ්‍යාවෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් මෙම සහනාධාරයට හිමිකම් කියන බවද රාජ්‍ය ඇමැති සියඹලාපිටිය පැවැසුවා.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *