සජබ මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය එම පක්ෂයේ දේශපාලන කටයුතු පිලිබදව දැඩි කලකිරීමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

ඇය මේ දිනවල එම පක්ෂය විසින් සංවිධානය කරන උත්සවලට පවා සහභාගී නොවන බවද එම පක්ෂයේ ජේශ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.

සජබ සහ එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් එකතු විය යුතුය යන මතයේ තදින්ම සිටින මන්ත්‍රීවරුන් අතර ඇයද ඉදිරියෙන්ම සිටින කෙනෙකි.

පසුගිය දිනවල ඇය විසින් ලබාදුන් මාධ්‍ය සාකච්ඡාවක මේ බව මන්ත්‍රීවරිය තරයේම ප්‍රකාශ කලා.

එහෙත් ඒ ගැන සජබ ප්‍රධානීන් ඇයට මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද දැන ගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *