ජනාධිපතිවරණය සඳහා අද (07දා) සිට දින සියයකින් පසුව නාමයෝජනා පත්‍ර කැඳවීමේ බලය මැතිවරණ කොමිසම වෙත හිමිවේ.sfmnewslk.com

ඒ අනුව ලබන ජූලි මස 17 වැනිදාට පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍ර කැඳවීමට මැතිවරණ කොමිසමට හැකිය.

මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කාලවකවානු තීරණය කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක විසින් නාමයෝජනා පත්‍ර කැඳවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබයි.
ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මස මුල් සතියේදී පැවැත්වීමට නියමිත අතර ප්‍රචාරක කටයුතු සඳහා දින 28ක් හෝ 35ක කාලයක් හිමිවෙයි. ඒ අනුව ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය තීන්දු වන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු මේ වනවිට මැතිවරණ කොමිසම ආරම්භ කර ඇති අතර දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්ට අවශ්‍ය කටයුතු සිදු කිරීමට උපදෙස් ලබාදී ඇතැයිද හෙතෙම කීය.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *