“ආහාර සුරක්ෂීතතාව මගින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම”sfmnewslk.com

තැඹිලි ගම්මාන පිහිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ගම්මානයේ සමාරම්භය (04/02) ජම්බුගහපිටිය, අනුරාගල රජමහ විහාරයේදී පැවැත්විනි.

පොල්වගා කිරීමේ මණ්ඩලය සිය 52වන වර්ෂපූර්ණ සංවත්සරයට සමගාමීව තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහසකට අනුව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ මෙහෙයවීමෙන් මෙම තැඹිලි ගම්මාන ස්ථාපිත කිරිම දියත් කොට තිබේ.

විදේශීය ඉල්ලුමට සාපේක්ෂව තැඹීලි සැපයුම ප්‍රමාණවත් නොවන බැවින් තැඹිලි ගම්මාන ස්ථාපිත කිරීමට සැලසුම් කළ බවත් ඉදිරි පස් වසරක කාලයෙන් පසු දේශීය තැඹිලි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳ පොලට යොමු කිරීම මෙහි අපේක්ෂාවයි.
වගාවට අවශ්‍ය තැඹිලි පැළ ලබාදීම සහ උපදෙස් ඇතුලු සේවාවන් මෙම ව්‍යාපෘතිය යටතේ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් නොමිලේ ලබා දෙන අතර ප්‍රතිලාභීන්ට ලබාදුන් පැළ සම්බන්ධ පසුවිපරම් කරන බව ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේය.

ජම්බුගහපිටිය තැඹීලි ගම්මානය පිහිටුවිම නිමිත්තෙන් පැවැති වැඩසටහනේදී ප්‍රතිලාභී පවුල් සියයක් සඳහා සංකේතාත්මකව පැළ ප්‍රදානය කිරීම එහිදී සිදුවූ අතර සෙසු ප්‍රතිලාභීන් සඳහා ඉදිරියේදි තැඹීලි පැළ ලබාදීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා අනුරාගල රජමහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ රේවත හිමි, වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.එස්.විජේසිරි මහතා, පොල්වගා කිරීමේ මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් තක්ෂිලා වීරකෝන් මහත්මිය, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් ඉදුමිණී මැණික්දිවෙල මහත්මිය ඇතුලු පිරිසක් ද ප්‍රතිලාභී පවුල් රැසක් ද මෙම අවස්ථාවට එක්වූහ.
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *