1990 සුවසැරිය ගිලන්රථ සේවය මගින් සපයන සේවාව දේශීය මෙන්ම ජාත්‍යන්තරයේ ද ඇගයීමට ලක්ව තිබේ.sfmnewslk.com

ඩිජිටල් තාක්ෂණය යොදාගත්, නොමිලේ ක්‍රියාත්මක, ලෝකයේ වේගවත්ම ගිලන්රථ සේවාවලින් එකක් ලෙස 1990 නම් කිරීමට ලෝක බැංකුව 2024 මාර්තු මාසයේ දී කටයුතු කරන ලදී.

මෙම ගිලන්රථ සේවාවට ඇමතුමක් ලබා දීමෙන් පසු ළඟම රෝහලට හෝ ප්‍රාථමික ප්‍රතිකාර මධ්‍යස්ථානයට රෝගියකු රැගෙන යෑමට ගතවන සාමාන්‍ය කාලය විනාඩි 12කි.

ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස මේ ගිලන්රථ සේවය 2016 දී ආරම්භ කරන ලදි

ගතවූ කාලය තුළ 1990 ගිලන්රථ සේවය ඉටු කළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව පසුගිය අප්‍රේල් 02 වැනිදා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් ඉදිරිපත් කළ එහි නියමුවන්ට සහ කාර්ය මණ්ඩලයට කෘතවේදීත්වය පළ කළහ.

ලෝක සෞඛ්‍ය දිනය අදට (අප්‍රේල් 07) යෙදී ඇති අතර මේ වසරේ තේමාව ‘මගේ සෞඛ්‍ය, මගේ අයිතිය’
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *