තෛපොංගල් දිනය අදයි


Thai Pongal Day is Today
January 14, 2025
asianewsplusone.com sfmnewslk.com

The Thai Pongal festival, one of the main religious festivals of Hindu devotees, falls today (14).

Hindu devotees around the world as well as Hindu devotees in Sri Lanka celebrate the Thai Pongal festival with great enthusiasm.

The specialty of the Thai Pongal festival is to express gratitude to the Sun God for bringing fertility.

The first harvest is offered to the Sun God and the animals that contribute to agriculture are also honored during the Thai Pongal festival.

The main ritual of the Thai Pongal festival is to make milk boil and wish for prosperity for everyone, and this day is considered the dawn of a new year for Hind

හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා.

ලොවපුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින් ද තෛපොංගල් උත්සවය මහත් හරසරින් සැමරීම සිදුකරනු ලබනවා.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි.

හිරු දෙවියන්ට තම පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදුවන අතර කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන සතුන්ට ගෞරව කිරීම ද තෛපොංගල් උත්සවයේ දී සිදුකෙරෙනවා.

කිරි උතුරවා යාමට සලස්වමින් සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරක උදාව ලෙස සැලකෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *