January 13, 2025
asianewsplusone.com sfmnewslk.com
President Anura Kumara Dissanayake left the island today for a state visit to China.
At the invitation of Chinese President Xi Jinping, President Anura Kumara Dissanayake will be on a state visit to China from January 14 to 17.
President Anura Kumara Dissanayake is scheduled to meet Chinese President Xi Jinping, Chinese Prime Minister Li Qiang and other diplomats during this visit.
Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath, Minister of Transport and Highways and Ports and Civil Aviation Bimal Ratnayake, Director General of Government Information H. S. K. Mr. J. Bandara are also participating in this visit.
ජනපති චීනය බලා පිටත්ව යයි
චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින දිවයිනෙන් පිටත්ව ගියේය.
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වනදා සිට 17 වනදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සංචාරයේදී චීන ජනපති ෂී ජින් පිං(Xi Jinping), චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං (Li Qiang) යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවීමට නියමිතය.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන හා මහාමාර්ග සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතා යන මහත්වරුද මෙම සංචාරය සඳහා එක්ව සිටිති.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

