2025/01/02
Member of Parliament Ashoka Ranwala states that the beneficiaries of society can only do something if the people who are required to pay taxes pay it properly.
However, he also said that the country has faced a serious tragedy in the past period of time where this tax money cannot be collected.
Today, the government treasury is at the bottom and under such circumstances, the government has been providing uniforms and allowances for school children with great difficulty, he said while addressing a public meeting held in the Gampaha area.
He further said that a businessman close to him has learned a solution to the rabies problem from India and that steps are being taken to sterilize the rabies, feed them for a while, and then release them.
රිලවුන්ට ඉන්දියාවෙන් විසදුමක් – රන්වල
සමාජයේ ප්‍රතිලාභීන්ට යම් මෙහෙවරක් කළ හැකි වන්නේ බදු මුදල් ගෙවිය යුතු පුද්ගලයන් එය නිසි පරිදි ගෙවුවහොත් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා සඳහන් කරයි.
නමුත් මෙම බදු මුදල් එකතු කරගත නොහැකි බරපතළ ඛේදවාචකයකට රටක් ලෙස පසුගිය කාල සීමාව පුරුදු තුළදී මුහුණදී ඇති බවද හෙතෙම කියා සිටී.
අද වන විට රජයේ භාණ්ඩාගාරය පතුලටම හිඳී ඇති බවත් එවන් තත්ත්වයක් යටතේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ දීමනාවන් රජය ලබා දුන්නේ ඉතාම අපහසුවෙන් බවද හෙතෙම පැවසුවේ ගම්පහ ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතමිනි.
තම හිතවත් ව්‍යාපාරිකයෙකු විසින් රිලා ප්‍රශ්නයට විසඳුමක් ඉන්දියාවෙන් ඉගෙනගෙන පැමිණ ඇති බවත් රිලවුන් වන්ධ්‍යකරණයට ලක් කොට ටික කාලයක් ආහාරපාන ලබා දී රැක බලාගෙන මුදා හැරීමට පියවර ගනිමින් ඇති බවද ඔහු තවදුරටත් එහිදී පැවසුවේය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

