රාජ්‍ය සේවයට යන්න ඉන්න පිරිසකගේ හීන හැබෑ වෙයි2024 අප්‍රේල් 04,sfmnewslk.com


වසර තුනකට පසු මෙම වසරේ දී 40000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරිණ.

එමෙන්ම, ජනාධිපතිවරයා සංකේතාත්මකව පන්වීම් ප්‍රදානයට එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි.

ගෞරවණීය වෘත්තියක් වු ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසි විටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ එම නිවේදනය දැක්වේ
sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *