තොරතුරු පනතට පිටුපෑ මහනුවර නගර සභා ලොක්කො දෙන්නෙකුට


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මහනුවර මහ නගර සභාවෙන් තොරතුරු ඉල්ලා සිටි මහනුවර පුරවැසියකුට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු ලබා නොදුන් නගර සභාවේ උසස් පරිපාලන නිලයන් දරණ රාජ්‍ය නිලධාරින් දෙදෙනකුට :නාගරික කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. සී. දිසානායක මහතා විසින් නොතීසී නිකුත් කරනු ලැබ තිබේ.

මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් 2023 ජූනි 6 වැනිදා ලබාදී ඇති තීරණය පරිදි පොදු අධිකාරිය ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවට තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට ලැබී ඇති අභියාචකගේ පැමිණිල්ලට අදාළව විමසීමක් කිරීමට මහනුවර මහ නගර සභාවේ මෙම නිලධාරීන් දෙදෙනාට කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *