President Says Permission for Vehicle Imports – Procedures to be FollowedDecember 19,2024

asianewsplusone.com sfmnewslk.com

President Anura Kumara Dissanayake says that permission will be given for the import of private vehicles from February 01.

(18) The President stated this in Parliament.

The President emphasized that the vehicle market should be opened gradually.

Accordingly, the President also stated that the vehicle market will be opened in three categories.

The President further stated that passenger transport buses and motor vehicles used for special purposes have been opened for import from December 14.

The President also stated that it has been proposed to implement the import of motor vehicles for the transport of goods and for personal use from February 1, 2025.

However, the President further emphasized that no party should fear that a dollar crisis will emerge in the country with the commencement of vehicle imports.

වාහන ආනයනයට අවසර – ක්‍රමවේදය ගැ​න ජනපති කියයි

පෞද්ගලික වාහන ආනයනයට පෙබරවාරි 01 වැනි දා සිට අවසර ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

(18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වාහන වෙළඳපොළ ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි.

ඒ අනුව, කාණ්ඩ තුනකින් වාහන වෙළඳපොළ විවෘත කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යන් සඳහා භාවිත කරන මෝටර් රථ වාහන දෙසැම්බර් 14 වැනිදා සිට ආනනය කිරීමට විවෘත කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම, ජනාධිපතිවරයා පවසා සිටියේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා සහ පෞද්ගලික භාවිතය සඳහා මෝටර් රථ වාඅහන ආනයනය 2025 වසරේ පෙබරවාරි මස පළමු දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර ඇති බවයි.

කෙසේවෙතත්, වාහන ආනයනය ආරම්භ කිරීමත් සමඟ රට තුල ඩොලර් අර්බුදයක් මතුවනු ඇති බවට කිසිදු පාර්ශවයක් විසින් බියක් ඇති කර නොගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *