ප්ලාස්ටික් පෑන් ගැන අලුත්ම අනාවරණය

වසරකට වෙළෙඳපොළට ප්ලාස්ටික් පෑන් කෝටි 12ක් නිකුත් කරන බවට පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී ඇත.

මෙම පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් ලංකාවේ නොමැති හෙයින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය වලින් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසද එම කාරක සභාවේදී සදහන් කර ඇත.

ප්ලාස්ටික් පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළත් පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බවද තොරතුරු අනාවරණය විය.

පරිසරය අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වු අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *