Three suspects, including a cashier and a driver, have been arrested in connection with the murder of a security guard at the Sri Lanka Transport Board’s Nuwara Eliya depot and the theft of over Rs. 1 million.
The police had launched an investigation into the 85-year-old security guard who was hacked to death on December 6 and the theft of Rs. 1,052,167.
The victim has been identified as K. Logeswaran (85), a resident of Galpaya, Nuwara Eliya.
Police investigations revealed that money was stolen from a cabinet at the SLTB depot after the security guard was murdered.
Police say the suspects arrested are between the ages of 34 and 55.
Residents of Badulla and Mahawa areas have been remanded until December 19th after being produced before the Nuwara Eliya Magistrate’s Court.
asianewsplusone.com sfmnewslk.com
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝවේ ආරක්ෂක නිලධාරියකු ඝාතනය කර රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ඩිපෝවේ මුදල් අයකැමිවරයකු සහ රියදුරකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
85 හැවිරිදි ආරක්ෂක නිලධාරියා දෙසැම්බර් 6 වැනිදා කපා කොටා ඝාතනය කර රුපියල් 1,052,167ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඝාතනයට ලක්ව ඇත්තේ නුවරඑළිය ගල්පාය ප්‍රදේශයේ පදිංචි කේ.ලෝගේෂ්වරන් (85) නමැති අයෙකි.
ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමෙන් පසු ලංගම ඩිපෝවේ කැබිනට්ටුවකින් මුදල් සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34ත් 55ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.
බදුල්ල සහ මහව ප්‍රදේශවල පදිංචිකරුවන් ඔවුන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

