අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට සජිවිව නරබන්න

asianewsplusone.com

sfmnewslk.com

December 5, 2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අද සහ හෙට (06) යන දෙදින තුළ ඊට අදාළ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලබන වර්ෂයේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම මෙම අතුරු සම්මත ගිණුම මඟින් සිදුකරනු ලබනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පසුගිය නොවැම්බර් මස 25 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවුණා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

මේ අතර පසුගියදා පැවති ආපදා තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය ඊයේ (04) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා විසින් සිදුකළ යෝජනාවකට අනුව අදාළ කල්තැබීමේ විවාදය පවත්වා තිබෙනවා.

ආපදාවලින් පීඩාවට පත් වන ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

No1 News Provider in Sri Lanka

asianewsplusone.com sfmnewslk.com

Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d

Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d

YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

No1 News Provider in Sri Lanka

asianewsplusone.com sfmnewslk.com

Facebook- Asia News Plus One.

Facebook – Sfm News

YouTube sfm news and asia news plus one https://

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *