හස්ත කර්මාන්තයට සුවිශේෂී තැනක්!


December 5,2024

No1 News Provider in Sri Lanka

asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවලදී හස්ත කර්මාන්ත විෂය සඳහා සුවිශේෂී අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුවී ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය සරත් අභයකෝන් මහතා පවසයි.

ලබන වර්ෂයේදී මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමට රජය අපේක්ෂා කරන බවත් එහිදී ප්‍රායෝගිකත්වයට මුල් තැන හිමිවන ප්‍රතිසංස්කරණය සිදුවනු ඇතැයි ද ආණ්ඩුකාරවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී (03) පැවැති මධ්‍යම පළාතේ හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා සම්මාන හා මූල්‍ය ප්‍රදාන සිදු කෙරෙන ශිල්ප අභීමානී සහ චක්‍රවර්තී උපහාර උළෙලට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

දැනට දශක කිහිපයකට පෙර පාසල් විෂය නිර්දේශයේ පැවැති හස්ත කර්මාන්ත පිළිබද අධ්‍යාපනය ඉන් ඉවත්වීම අවාසිදාකත තත්ත්වයක් යැයි පෙන්වා දුන් ඒ මහතා එවැනි නිර්මාණාත්මක විෂයන් පැවැතීම මගින් පාසල් දරුවන්ගේ ඉවසීමේ හැකියාව පවා වර්ධනය වන බව ද කීවේය.

දේශීය නිෂ්පාදන ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට ගෙනයාම ඉතා වැදගත් බවත් එහිදී ජාත්‍යන්තර ඉල්ලුම සහිත නිපැයුම් ඉදිරිපත් කිරීම මගින් රටට සැලකිය යුතු විදේශ විනිමයක් උත්පාදනය කළ හැකි යැයි ද ඒ මහතා පැවසුවේය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක ශිල්පීන්ට අමතරව නව කර්මාන්තකරුවන් බිහි කිරීමත් රජයේ අපේක්ෂාව බවත් එවැනි නිර්මාණකරුවන් ව්‍යවසායකයන් බවට පත් කිරීම කාලෝචිත වී ඇති බවත් ආණ්ඩුකාර මහචාර්ය සරත් අභයකෝන් මහතා තව දුරටත් පෙන්වා දුන්නේය.

ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන චක්‍රවර්තී සම්මාන පරම්පරික හා නූතන අංශ යන දෙවර්ගය යටතේ පිරිනැමුණු අතර පාරම්පරික අංශය යටතේ සේසත් සඳහා ගාමිණී විජේසූරිය, ලක්ෂා අංශය යටතේ ජගත් විජේරත්න සහ රිදී පිත්තල කැටයම් යන ක්ෂේත්‍රයෙන් ගාමිණී ප්‍රේමසිංහ යන මහත්වරුන් සම්මාන ලැබීය. නූතන අංශය යටතේ රන් රිදී ආභරණ ක්ෂේත්‍රයෙන් කේ.කුමාරිහාමී, රූකඩ ක්ෂේත්‍රයෙන් උදය ශාන්ත සහ රන් රිදී කැටයම් ක්ෂේත්‍රයෙන් එල්.දයාරත්න යන මහත්ම මහත්මීන් චක්‍රවර්තී සම්මානයෙන් පිදුම් ලදහ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශ ලේකම් චරිතා ඉලංගකෝන්, මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ඇතුලු නිලධාරීන් ද මධ්‍යම පළාතේ කර්මාන්තකරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගීවිය.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *