මහියංගනය රෝහලේ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

December 3, 2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

මහියංගනය රෝහලේ සිව්මහල් නව වාට්ටු සංකීර්ණය රුපියල් කෝටි 49ක මුදලක් වැය කරමින් ඉදිකෙරුණු නව වාට්ටු රෝගීන් දෙදෙනෙකු අතින් ජනතා අයිතියට පත්කෙරුණා.

රෝගී ඇදන් 167කින් සමන්විත මෙම ගොඩනැගිල්ල වාට්ටු 4ක් සහ දැඩි සත්කාර ඒකකයකින් සමන්විතයි.

චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙහි ඉදිකිරීම් වසර දෙකකින් ඉදිකිරීමට සැළසුම් කර තිබුණ ද පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ මෙහි ඉදිකිරීම් ප්‍රමාද වුණා.

දිස්ත්‍රික්ක 5කට සේවා ලබාදෙන මහියංගනය මූලික රෝහලේ රෝගී ඇදන් අවම මට්ටමක තිබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබුණා.

ඊට විසඳුම් ලබාදෙමින් ඉදිවූ නව වාට්ටු සංකීර්ණය විවෘත කෙරුණේ රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් දෙදෙනෙකු අතින්.

මහජන මුදල් වැය කරමින් ඉදිකරන බොහෝ ගොඩනැගිලි දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත්කළ යුගය අවසන් කරමින් නව සංස්කෘතියක් ඇරඹීමේ අරමුණෙන් මෙම කටයුතු මෙලෙස සැළසුම් කළ බවයි රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *