විපක්ෂ නායකවරයාට සම්ප්‍රදායිකව වෙන් කර තිබූ අසුනෙන් ඉවත්වීම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ අතර ඔහු වාර්ගික ප්‍රකාශයන් කළ බවටද වාර්තා විය.
අභිනවයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද පැවති වැඩසටහනට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පෙන්වා දුන්නේ සිද්ධිය හේතුවෙන් තමන්ට දැඩි තර්ජන එල්ල වී ඇති බවයි.
“පාර්ලිමේන්තු ආසන ගැන ඔය සිද්ධිය නිසා මට පාරේ යන්නවත් බෑ. මාධ්‍ය මගෙන් විනාඩි 45-50ක සම්මුඛ සාකච්ඡාවක් ගත්තා. මම කෑවද කියලා ඔවුන් ප්‍රශ්න කළාම මම පිළිතුරු දුන්නේ ඔව් කියායි. එවිට ඔවුන් ප්‍රශ්න කළා මම එල්ටීටීඊ සංවිධානයේ කොටසක්ද කියලා, එයට මා පිළිතුරු දුන්නේ නැහැ කියලා. නමුත් ඔවුන් දෙවැනි ප්‍රශ්නයට මගේ ප්‍රතිචාරය මඟ හැරලා දාලා, මට පාරට බහින්න බැරි තත්ත්වයකට පත්වෙලා.” යැයි ඔහු පැවසීය.
තත්ත්වය පෙන්වා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තමාට ලබා දෙන ආරක්‍ෂාව සකස් කරන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න කියා සිටියේ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු බවයි.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

