ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්November 25, 2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය මුදලක් අනුමත කර ඇත.

ඒ ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට පහසුකම් සැලසීම සඳහා යොදා ගැනීමටය.

එමගින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට සැලසුම් කෙරේ.

නිවාස සඳහා විදුලිබලය සැපයීම 100% කර ගැනීමට ශ්‍රී ලංකාව 2016 වසරේදී සමත්විය.

එසේම මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේදී උපරිමය වාර්තාකළ අතර එය මෙගාවොට් 2800කි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තියෙන්ද සැලකිය යුතු දායකත්වයක් ලැබුණි.

එය 2030 වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරේ.

2023 දී මෙරට විදුලිබල උත්පාදනයට 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගිනි.

නව ව්‍යාපෘති ඔස්සේ විදුලිබල උත්පාදනයට පුනර්ජනනීය මූලාශ්‍ර ඔස්සේ ලැබෙන දායකත්වය වර්ධනය කිරීමට සැලසුම් කෙරේ.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *