ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට රැගෙනවිත් රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සදහා හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

asianewsplusone.com sfmnewslk.com

ඔවුන් එලෙස පැමිණ ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමට අනුවයි.

ඖෂධ හිගයන් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 11 වනදා දැනුම් දී තිබුණා.

ඒ අනුවයි හිටපු අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීම අනුව පැමිණ ඇත්තේ.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුටද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *