November 21, 2024
asianewsplusone.com sfmnewslk.com
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ඉදිරිපත් කළේ ය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් ඇතුළු 39 දෙනෙකු නම්කර තිබේ.
මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයේ නිරත දෙදෙනෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේ දී සහය ලබාගැනීමේ අරමුණින් මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බව පෙතසම්කරුවන් අවධාරණය කර සිටී.
එමෙන්ම සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනිව අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් එම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත් අදාළ පෙත්සමෙහි වැඩිදුරටත් සඳහන් ය.

