ජනතාවට වින කරන අණ පනත් අහෝසි කිරිමට මේ සුදුසුම කාලයයි: ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා!


November 21, 2024

asianewsplusone.com sfmnewslk.com

රටේ ජනතාව අහිතකර අණ පනත් අහෝසි කිරිමට කාලය පැමිණ ඇති බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ (21) දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

මෙහිදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ මේ රටේ ජනතාව, ශිෂ්‍යයන්, මාධ්‍ය මර්ධනය කිරිමට ගෙන තිබු පනත් වෙනුවෙන් සටන් කළේ එදා අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය බවයි.

දැන් ඒකට අවශ්‍ය බලය ජනතාව ජාතික ජන බලවේගයට ලබා දිලා තියෙනවා, ඒවා දැන් අහෝසි කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ.

වතුකරයේ ජනතාව දැඩි විශ්වාසයක් තබලා තියෙනවා ජාතික ජන බලවේගය මත, කම්කරු ජනතාව වෙනුවෙන් ඇති අරමුදල් රැක දිම දැන් ජන බලවේගයේ වගකිමක් යනුවෙන් පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *