කම්කරුවෝ අලුත් වෘත්තිය ගමනකට සැරසෙති:වතුකරයේ වෘත්තිය සමිති මාරුවේ වැටෙ

November 20, 2024

ඉදිරියට ලොකු වෙනස් වීම සිදු වේවි, මේ ගැන අපි තාම දැනුම්වත් නැහැ:වතු හාම්පුතුන්ගේ සංගමය!

asianewsplusone.com sfmnewslk.com

වතු කම්කරුවන්ගෙන් වෘත්තිය සමිති සදහා මාසිකව අය කරනු ලබන සමාජික මුදල්
2024 දෙසැම්බර් මස සිට අය නොකරන ලෙසට වතු වෘත්තිය සමිති කිහිපයක
සමාජිකයන් විසින් වතු පාලන අධිකාරියෙන් ඉල්ලිමක් කර ඇත.
මහ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබු වතුකරයේ වෘත්තිය නායකයින් බලයේ රැදි
සිටි කාලයේදිත් තමන්ට කිසිදු සුභ සාධනයක් සිදු නොකල බවත්, ඒ අනුව මාසිකව රු 250-
330 දක්වා විවිධ ගණන් යටතේ එක් එක් වෘත්තිය සමිති වලට අය කරන සමාජික මුදල
නතර කරන ලෙසට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියෙන් ඉල්ලා ඇත.
මාස හයකට වරක් වතු වෘත්තිය සමිති විසින් වතු කම්කරුවන් සමාජිකයන් ලෙස බදවා
ගන්නා බවත්, 2025 වසරේ මුල් මාස හය සදහා සමාජිකයන් බදවා ගැනිම සදහා එම
වෘත්තිය සමිති විසින් ලබාදෙන අයදුම්පත් ලබා නොගැනිමට වතුකම්කරුවන් විශාල
පිරිසක් මේ වන විට තිරණය කර ඇත.
වතු කම්කරුවන් මාසිකව වෘත්තිය සමිති වෙල ගෙවනු ලබන සමාජික මුදල් වල සවිස්තර
වාර්තාවක්ද එම වෘත්තිය සමිති විසින් තමන් වෙත ලබා නොදෙන බවයි වතු කම්කරුවන්
වැඩිදුරටත් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එස් රාජතුරෙයි මහතාගෙන් විමසීමක කල අතර ඉදිරියේදී වතු කම්කරුවන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වෙනස් තීරණ ගනු ඇති බවත් මේ දක්වා කම්කරුවන් ඔවුන්ගේ වැටුපෙන් වෘත්තිය සමිති වලට මුදල කැප නොයවන ලෙස වති අධිකාරීන් වෙත දැනුම් දී තිබේද යන්න පිලිබදව තම සංගමය දැනුම්වත් වී නොමැති බව පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *