කොටි 7 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරු අල්ලයි

November 20, 2024

asianewsplusone.com sfmnewslk.com

රුපියල් මිලියන 75ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් 35 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සඳුදා උදෑසන මිනුවන්ගොඩදී මුදල් ප්‍රවාහන සේවයට අයත් වෑන් රථයකින් මෙම මුදල කොල්ලකා තිබිණි.

පෞද්ගලික ආයතනයක රියදුරෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු විසින් සිදුකළ මෙම කොල්ලය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය සහ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කළේය.

ගම්පහ, කඩුවංගහ ප්‍රදේශයේදී ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ 35 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම පුද්ගලයා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05.420ක් තිබී ඇති අතර, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පොලිසිය විසින් සොරාගත් මුදලින් රුපියල් 31,515,291ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාකාවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මිනුවන්ගොඩ පොලිසිය සහ ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්ව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *