asianewsplusone.com sfmnewslk.com
2024/11/20
සුරංග සේනානායක…
මේ කොළුවා පිළිබදව මේ දිනවල කතා බහට ලක්වී ඇත.ඊට පාදකවී ඇත්තේ ” සටන ” තුලින් සුරංග ඊට පැමිණෙන 98% කගේ රෙදි ගලවන නිසාය.සටනට පැමිනෙන්නෝ බොහොමයක් මේ රට බංකොලොත්කල,නැත්තටම නැති කල,වංචාකාරි,කොමිස් කාක්කන් ලෙස හංවඩු ගැසුණු දේශපාලුවන් ය.සුරංග මේලෙස කඩා පැන උද්වේගකාරිලෙස ප්‍රශ්න කරණ කල්හි මොවුන් නිරුත්තර වන්නේ මන්ද…..ඒ පිළිතුරු නොමැති නිසාය.ඒත් පැමිනෙණ සියළු දෙනා ගිලටිනයට අසුවන්නේද නැත.මන්ද හැම පක්ශයකම ජරා ජීර්ණ නොවු දේශපාලකයින් නැතුවාම නොවේ.එරාන් වික්‍රමරත්නලා,ඉමිතියාස් බාකිර්ලා,හර්ශ ද සිල්වලා,ගයන්ත කරුණාතිලකලා,මෙන්ම සංජිව එදිරිමාන්නලා,මදුරලා සටනට සහබාගිවුවද සුරංග කඩා පැන්නේ නැත.එ ඔහුන් අර පාදඩ ගනයට තාම වැටි නොමැති නිසාය.බොහෝ දෙනෙකු සිතන්නේ සුරංග ජෙප්පන්ට කඩේ යනවා කියාය.එය බැහැර විය යුතුය.සුරංග පමනක් නොව මෙරටේ ටොයියන්,බයියන් නොවන ඕනෑම පුරවැසියකුට මහ මගදි හො පාළු බූමියකදි ,කිසිවකු නොමැතිව තට්ට තනියම බැසිල්ලා,රත්තරන්ලා,ජොනීලා,අළුත්ගමයලා,වජිරලා,සිරිපාලලා,හරින්ලා හමුවුනොත් හොම්බ තලනවා නියතය.සුරංගගෙන් පිටවන්නේ ද සමස්ත ඒ ජනයාගේ ආවේගයමය.
ඒ පරපුරක හීන මරපු තක්කඩියන් නිසාය.සළකුනේ චමුදිතයා ….SB,චාමර සම්පත්,රිශාඩ්,සිරිපාල,හරීන් ගෙන්ද ප්‍රශ්ණ කලේ මේ අකාරයටමය.ඒ නිසා සුරංගගේ ඇසිල්ල ගැන කළබල විය යුතු නැත.අනුරගෙන් මල පැන අහන්න සුරංගට තාම ප්‍රශ්ණ නැත.මොකද 71,88,89 ගැන දැන් අහලා වැඩක්ද නොමැත.ඒවාට සැප්,21 ජනතාවම පිළිතුරු දී ඇත.තව වසරකින් හො දෙකකින් සුරංගට අනුරගෙන් ප්‍රශ්ණ කිරීමට අවස්තාවක් උදාවනු ඇත.ඒ අනුර අංඩුව ඇන ගත්තොත් ය.ඒකට කල් වැඩිය.අනුර ඒ තරම් මෝඩ නැත.සුරංග දැන් නොකරණ ඒ ප්‍රශ්න කිරීම විපක්ශය කරන්නේ කොහොමහරි දියවන්නා එන්නටය.ජනතාව ඒ ගොනා දැන් විකුණා හමාරය.සමහරවිට ලාල් කාන්ත සටනට පැමිණියානම් සුරංග ඔහුටද බැට දෙනවා ඇත.එ ලාල් ගේ බ් රේක් නැති කට නිසාය.
රටේ හිටපු හො ඉන්න ජනාදිපතිවරු,අගමැතිවරු,විපක්ශනායක වරු,කතානායකවරු ,අග විනිසුරුවරුන් ගෙන් ප්‍රශ්ණ කිරිමේදි යම් සංවරයක් තිබිය යුතුය.සටනින් පමනක් නොව සළකුණ,360,කරට කර,තුලාව,ටර්නින් පොයින්ට් වැඩසටහන් තුලින් ද ඒ දේ අපුර්ව සිද්දවිය.සුරංගද කලේ ඒ දේමය.එ තක්කඩි මිනිසෙක් බොරු වපුරනවාට වඩා අවංක මිනිසෙක් දිව් රා සත්‍ය හෙළිදරව් කරණ නිසාය.අනුරද කළේ එයමය……
සුරංගට මාද්‍යවේදියකු වන්නට ඇති සුදුසුකම්ද ඇතමුන් ප්‍රශ්ණ කර තිබුනි.සුරංග සහ මා අතර මිත්‍රරත්වය වසර තිහකට කිට්ටුය.මා දන්නා පරිදි සුරංග ජපුරෙන් ශාස්ත්‍රවේදි උපාදියද,ජනසංන්නිවේදන ඩිප්ලෝමාවද,කැළනියෙන් ( ජනසන්නීවේදනය )ශාස්ත්‍රපති උපාදියද,දර්ශනපති උපාදියද ලබා ඇත.මේ වන විට පේරාදෙණිය සරසවියෙන් අචාර්‍ය් උපාදිය ද( සමජ විද්‍යා අද්‍යායන අංශයේ) හදාරමින් සිටි.ඉංදියාවේදි සිනමා රසස්වාදය පිළිබදව පාඨමාලාව හදරා 2000 ocic හොදම සිනමා විචාර සම්මානයද ලබා ඇත.1996 ලක් හඩ ගුවන් විදුලියෙද,හිරු නාළිකාවේ මුල් නිශ්පාදක කන්ඩායමේද,2003 වසරේ ITN අද්‍යක්ශක ප්‍රව්‍යර්ති ලෙසද කටයුතු කර අද සිරස news 1 st නාළිකා ප්‍රදානි ලෙස කටයුතු කරයි.සුරංග සාම සාකච්චා පැවති සමයේ මා ඇතුළු මාද්‍ය කන්ඩායම සමග ජපානය,තායිලන්තය,නෝර්වේ වෙත ගිය මාද්‍යවේදියෙකි.අපේ කන්ඩායමේ ලාබාලතම මෙන්ම කටකාර,හැඩකාර ගැටයාද ඔහුය ,මේකාට ඇති මාද්‍ය උණ නිසාම ඕනෑම දේකට එන්නේ හොදට කියවලා,විස්තර හොයලා,දත්ව,සංක්‍යයා ලේඛන එක් රැස් කරගෙනය.ඒ කියන්නේ හොදට හෝම් වර්ක් කරලාය.( සියතේ මගේ මිතුරා ලාල් හේමන්ත මාවලගේ මීටත් එහාය.ඒක නොකියාම බැරිය. … )
ෂර්ලි අනිල් ද සිල්වා
කතෘ
එස් එෆ් එම් නිව්ස්
Sfm news
එෂියා නිව්ස් ප්ලස් වන්
Asia news plus one
asianewsplusone.com sfmnewslk.com


