කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැති එක ගැන එල්ල වන විවේචනවලට මාළිමාවේ මන්ත්‍රී පිළිතුරු දෙයි

November 19,2024

asianewsplusone.com sfmnewslk.com

ජාතික ජන බලවේගයේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිස්වි සාලි පවසන්නේ, අමාත්‍යාංශයක් මෙහෙයවීම සඳහා මූලික කොන්දේසිය වියයුත්තේ පුද්ගලයකුගේ සුදුසුකම්, කුසලතා සහ දේශපාලන බුද්ධිය මිස ඔවුන්ගේ ජාතිය හෝ ආගම නොවන බව තම පක්ෂයේ අදහස බවයි.

නව අමාත්‍ය මණ්ඩලයට මුස්ලිම් නියෝජිතයන් නොමැතිවීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් වෛද්‍ය රිස්වි සාලි පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිවැරදි අමාත්‍යාංශවලට සුදුසු පුද්ගලයන් පත්කර ඇති බවට තමාට පූර්ණ විශ්වාසයක් සතුටක් ඇති බවයි.

සමාජ මාධ්‍යවල ප්‍රකාශයක් නිකුත් කරමින් වෛද්‍ය රිස්වි සාලි පවසන්නේ, “අපේ අනෙක් අයට වඩා ඔවුන්ගේ හැකියාවන් සහ දායකත්වය පිළිබඳ වැඩි අවබෝධයක් ඇති අයෙකු ලෙස, ඔහුගේ තීරණ නිසැකවම කුසලතා තුළ මුල් බැස ඇති” බවයි.

ආගම මත පමණක් පදනම්ව අමාත්‍යවරයකු පත්කරන ලෙස කරන ඉල්ලීම්වල, අනවශ්‍ය බෙදීම් අවුස්සමින් රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ඒකීයභාවය පළුදු කිරීමේ අවදානමක් ඇති බව වෛද්‍ය රිස්වි සාලි පෙන්වාදෙයි.

“අපි ජාතික ජන බලවේගය තෝරාගත්තේ ආගමික හෝ වාර්ගික භේදයකින් තොරව සෑම කෙනෙකුටම වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා ඔවුන්ගේ දැක්ම සහ කැපවීම අප විශ්වාස කරන බැවිනි. නිශ්චිත අමාත්‍යාංශ දැරිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ භේදකාරී වාද විවාදවලින් අවධානය වෙනතකට යොමු නොවී ප්‍රතිඵල ලබාදීමට මේ රජයට අවකාශය ලබාදෙමින් එම විශ්වාසයට ගරුකරමු. වැදගත් වන්නේ රටේ දියුණුව මිස පුද්ගලයන්ගේ ලේබල් නොවේ,” ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *