මනාපයේ ඡායාරූප ගන්න ගිහින් අත්තඩංගුවට පත්වෙ


November 14, 2024

asianewsplusone.com sfmnewslk.com

අද (14) පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපති වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය සිය බාරයට ගත් බව නොරොච්චොල පොලිසිය පවසයි.

මෙම සැකකරු ආලංකුඩාව ඒත්තාලෙ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *