සෝපානයක් කඩා වැටී සිව් දෙනෙකු රෝහලට


November 12,2024

asianewsplusone.com sfmnewslk.com

ග්‍රෑන්ඩ්පාස් මුවදෙර උයන් මහල් නිවාස සංකීර්ණයෙහි බී බ්ලොක් පරිශ්‍රයෙහි විදුලි සෝපානයක් කඩාවැටීමෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ පිරිස අතර ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථාන‌‌යේ නිලධාරියෙක් ද සිටින බව සඳහන්.

ඔහුගේ පාදයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 72 වැනිදා වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළා.

මෙම නිවාස සංකීර්ණයේ 05 වන මහලේ පිරිසක් විසින් අවට පදිංචිකරුවන්ට කරදකාරී වන අයුරින් ඊයේ (10) දින උපන්දින සාදයක් පවත්වා තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ නිරතවී සිටි පොලිස් සැරයන්වරයකුට ලැබුණ තොරතුරක් අනුව ඔවුන් එම නිවාස සංකීර්ණය සොද්සි කිරීමට පැමිණ ඇති බව සඳහන්.

එහිදී 05 වැනි මහළේ පැවැති උපන්දින සාදය පවත්වන නිවෙසට ගොස් එය සමථයකට පත් කර නැවත පිටව යාමේදී විදුලි සෝපානය කඩා වැටී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මීට පෙර ද මෙවන් අනතුරුවට මහල් නිවාස හිමියන් මුහුණ දුන්න ද එම අනතුරු වළක්වා ගැනීම සඳහා අදාළ නිලධාරින්ගෙන් විසඳුමකින් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *