වෙඩිතැබීමක්November 9, 2024466 0

asianewsplusone.com sfmnewslk.com

මරදාන, නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ඊයේ (08) දින රාත්‍රියේදී වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ යම්කිසි ආයතනයක් විසින් ඔවුන්ගේ සුබ සාධක සංගමයට ආධාර පිණිස පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

එම සංගීත ප්‍රසංගයේ ආරක්ෂාවට යොදවා තිබූ පුද්ගලයෙක් ඉලක්ක කරගෙන යම් කිසි පිරිසක් හෝ පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව අනාවරණය වී ඇතැයිද ඔහු පවසා සිටියා.

වෙඩි තැබීමෙන් වයස අවුරුදු 29ක පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේවෙතත්, වෙඩි තැබීම සිදු කළ පාර්ශවය සහ ඉන් තුවාල ලැබූ පුද්ගලයා අතර ඇති පෞද්ගලික ආරවුලක් ඊට හේතු වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *