හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හැර අනෙක් හැමෝම රජයේ නිල නිවාස ආපසු භාර දෙයිNovember 9, 2024

asianewsplusone.com sfmnewslk.com

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යාමෙන් පසුව, ඔහු රාජ්‍ය අමාත්‍යධූරයේ සිටිය දී භාවිතා කළ රජයේ නිවස, ඔහුගේ බිරිද සහ දරුවන් විසින් දිගටම භාවිතා කර ඇති අතර, රජය එම නිල නිවස නැවත භාර දෙන ලෙස කරන ලද නියෝගය සනත් නිශාන්ත මහතාගේ බිරිද දිගින් දිගටම නොතකා හරිමින් සිටින බව වාර්තා වේ.

මැති ඇමතිවරු භාවිතා කළ සියළු නිල නිවාස යළි රජයට භාර දීමට පෙර, එම නිල නිවාසවලට අදාල සියළු ජල හා විදුලි බිල්පත් මෙන්ම ගෙවල් කුළියද ඒවා භාවිතා කළ පාර්ශ්ව විසින් රජයට පියවිය යුතු ය.

සනත් නිශාන්ත මහතාගේ බිරිද, ඔවුන් ජීවත් වන නිල නිවාසයේ හිග ජල හා විදුලිබිල්පත් නොපියවා ඇති බැවින්, එම නිවසේ ජල හා විදුලි සැපයුම ඊයේ දිනයේ සිට කප්පාදු කර තිබෙන බව වාර්තා වේ.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *