අවි භාරදීමට ලබාදුන් කාලය දීර්ඝ කෙරේ


November 7, 2024

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙසයි.

ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම්දුන්නා.

නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ගබඩාව වෙත එම ගිනිඅවි ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දිමක් සිදු කළා.

කෙසේවෙතත් මේ වන විට විශාල පිරිසක් ගිනිඅවි යළි භාරදීමට පියවර ගෙන තිබෙනවා.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *