අපි දිස්ත්‍රික්ක 9කින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා – රංජන්


November 7, 2024

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා හඩ පක්ෂය නැවුම් පක්ෂයක් බවත්, එම පක්ෂය තුල දුෂිතයන් නොමැති බවත්, ඒ අනුව තම පක්ෂයේ සැලුන් දොර වසා දමා ඇති බව එම පක්ෂයේ සභාපති රංජන් රාමනායක මහතා පැවසිය.

රංජන් රාමනායක මහතා ඒ බැව් කියා සිටියේ (06) දින ප්‍රජාතන්ත්‍රවාදි ජනතා හඩ පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ මැතිවරණ ප්‍රචාරක රැස්විම අමතමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු රංජන් රාමනායක මහතා කියා සිටියේ මහ මැතිවරණයේදි දිස්ත්‍රික්ක 22 න් දිස්ත්‍රික්ක 9 ක තම පක්ෂයේ අපෙක්ෂකයින් තරග කරන බවත්, එම අපෙක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට තේරිපත් වන බවයි.

තම පක්ෂය දිනෙන් දින ජයප්‍රිය විමත් සමග විශාල පිරිසක් පක්ෂයට කෙනෙහිලිකම් කරමින් සිටින බවද රංජන් රාමනායක මහතා පැවසිය.

ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි රංජන් රාමනායක මහතාව පිලි ගැනිමට විශාල පිරිසක් එම ශාලාව වෙත රැස්වි සිටිහ.
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *