ඒ අනුව 2024.11.05 වන දින සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මෙම කොකේන් මත්ද්‍රව්‍ය ඉහත සැකකරුවන්ට ලබාදුන් විදේශ ජාතික සැකකරු බොරැල්ල පොලිස් වසමේදී අත්අඩංගුවට ගත්හ.
52 හැවිරිදි සියරා ලියෝන් ජාතිකයෙකු වන එම විදෙස් ජාතිකයාගේ සන්තකයේ තිබී එහිදී ග්‍රෑම් 672ක් බැරැති කොකේන් මත්ද්‍රව්‍ය කරල් 40ක්, ඇමරිකානු ඩොලර් 500ක් හා තවත් විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් සොයාගෙන භාරයට ගත් නිලධාරීන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් 28 හැවිරිදි සැකකරුවෙකු කොකේන් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 700ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් ජාතික සැකකරු මෙරටට පැමිණීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය ගිල, උදරයේ සඟවාගෙන ගෙනවිත් ඇති බවත්, ඔහුව විරේක කර මත්ද්‍රව්‍ය කරල් සොයාගැනීමට හැකිවී ඇති බවත් වාර්තා විය.
මෙම ජාවාරම සම්බන්ධව සහ සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව
වර්තා වනනවා
asianewsplusone.com sfmnewslk.com


