ඉන්ධන මිල ගණන් අඩු කරන්න බැරි හේතුව ජනපති අනුර කියයි

2024 නොවැම්‍බර් 07,

asianewsplusone.com sfmnewslk.com

දැනට රට පුරා බෙදා හරින සියලු ඉන්ධන තම රජය යටතේ ගෙනවන ලද තෙල් නැවූ නොවන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.

එනිසා එහි මිල පාලනයත් සම්බන්ධයෙන් මැදිහත් වීමට අසීරු බවයි හෙතෙම කියා සිටියේ.

එමෙන්ම පසුගිය රජයන් විසින් මෙරට තෙල් වෙළඳාමට කැඳවන ලද සමාගම් කිහිපයක් ඔවුන්ට තෙල් වෙළඳාමෙන් අලාභයක් සිදුවුවහොත් මෙරට රජයෙන් අය කර ගැනීම සඳහා ගිවිසුම්ගත වී තිබෙන බවද පැවසූ ඔහු එවන් එක් සමාගමක් දැනටමත් අලාභය රජයෙන් ඉල්ලා ලිඛිතව දැනුම් දී ඇති බවයි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.

ඔහු මේ බව කියා සිටියේ සිරස රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *