පළවෙනි වතාවට ලංකාව බලන්න අයිස්ලන්තෙන් සංචාරකයො

November 6, 2024

asianewsplusone.com sfmnewslk.com

ශ්‍රී ලංකාට පළමුවරට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා ඊයේ (05දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

24 දෙනකුගෙන් සමන්විත මෙම සංචාරකයන් පිරිස දින 14ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිත බව ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔවුන් පිරිස පැය 24ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව ඊයේ (05දා) උදෑසන 08.33 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරයෙහි නියැළීමට සැලසුම් කර ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *