මිල්කෝ ආයතනය ආදායම වාර්තා කරයිNovember 4, 2024

asianewsplusone.com sfmnewslk.com

පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලංසු කැඳවා තිබූ මිල්කෝ ආයතනය ඔක්තෝබර් මාසය තුළ රුපියල් මිලියන 2000ක අලෙවි ඉලක්ක සපුරා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ, පසුගිය මාසයේ මෙතෙක් ලැබූ ඉහළම පිරිවැටුම සනිටුහන් කරමින්.

පශු සම්පත් අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේ නව රජය පත්වී මාසයක පමණ කෙටි කාලයක් තුළ මෙම අලෙවි ඉලක්ක සපුරා ගැනීමට හැකිවීම ඉතා සුබදායී කරුණක් බවයි.

කෙසේවෙතත්, මේ වන විට එම ආයතනයට රුපියල් බිලියන 1.8 ක බැංකු අයිරාවක් පවතින බවත් බැංකු පොලිය ලෙස වසරකට රුපියල් මිලියන 240ක් ගෙවීම සිදු කරන බවත් ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

මිල්කෝ ආයතනයේ වත්මන් සභාපති, හේමජීව ගෝඨාභය මහතා පවසන්නේ ඔක්තෝබර් මසදී ලැබූ රුපියල් මිලියන 2000ක ඉහළම පිරිවැටුම, උග්‍ර සේවක හිඟයක් ඇතුළු දුෂ්කරතා රැසක් මධ්‍යයේ ලබා ගත් බවයි.

එමෙන්ම, ඉතාමත් නරක මූල්‍ය තත්ත්වයක්, විශාල බැංකු අයිරාවක්ද සමඟ මිල්කෝ ආයතනයේ සභාපතිධුරය තමන් භාර ගන්නා විට කිරි ගොවීන්ට ආයතනය විසින් මුදල් ගෙවිය යුතු දිනයට වඩා සති දෙකක කාලයක් ඉක්මගොස් ගෙවීම් කරමින් තිබූ බවද මිල්කෝ ආයතනයේ වත්මන් සභාපතිවරයා පවසා තිබෙනවා.

මෙම අයතනයේ අභ්‍යන්තර විගණන අංශය වසර ගණනාවක් පුරා අක්‍රියව තිබූ බවත් ඒ හේතුවෙන් ආයතනයේ ගිණුම් නිසිලෙස පරික්ෂාවීමක්, නිසි විගණනයක් සිදු වී නොමැති බව ද ඒ මහතා පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *